10 හැවිරිදි දැරියක් අට වතාවකදී කෙළසලා.

කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන , මෙවර ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දීමට නියමිතව සිටින සිසුවියක් කිසියම් වූ කාමාතුරයින් පිරිසක් විසින් බරපතළ ලෙස දූෂණයට ලක් කර ඇති බව වාර්තා වේ.

මෙම දැරියගේ ශරීරයේ ඇතැම් ස්ථාන දුම්වැටිවලින් පුළුස්සා ඇති  බව සඳහන්.

දූෂණයට ලක් වූ දැරියගේ වෙනසක් දුටු ඇයගේ පන්තිභාර ගුරුතුමිය විසින් දැරියව වැල්ලම්පිටිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.අනතුරුව මෙම දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.අනතුරුව මෙම දැරිය අවස්ථා අටකදී පමණ දූෂණයට ලක්ව ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

කොළඹ පිහිටි පාසලක සිසුවෙකුගේ නමක් දැරිය විසින් ප්‍රකාශ කර ඇති අතර එම පාසලේ අදාළ නම සදහන් සියලු සිසුන් පොලිසිය වෙත කැඳවා දැරියට පෙන්වූ නමුත් එම පාසල් සිසුවා කවුරුන්ද යන්න දැරිය හදුනා නොගත් බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කරන ලෙසත් , දැරියව කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර කරන ලෙසත් ඊයේ (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

දැරියගේ වෛද්‍ය වාර්තා වැල්ලම්පිටිය පොලිසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අතර එම වෛද්‍ය වාර්තා සලකා බලා ඇයගේ මව සමග රෝහල් ගත කරන ලෙසට අධිකරණය විසින් නියෝග කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් පොලිසියට නියම කර තිබේ.

Exit mobile version