කොළඹ ප්‍රදේශ රැසකට හෙට (15) දිනයේ පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
උදෑසන 8 සිට හෙට රාත්‍රී 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 1 සිට 4 සහ හතේ සිට 15 දක්වා ප්‍රදේශවලට බව සදහන්.
මාළිගාකන්ද සහ එලිහවුස් ජල පරිශ්‍ර වෙත ජලය සපයනු ලබන පොම්පාගාරයේ විදුලි සැපයුම් පද්ධතියේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බවට ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
