විෂබීජයකින් 14 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට.

මොළයට විෂබීජයක් යාම හේතුවෙන් බෙන්තොට , හබුරුගල කඩලගොඩ ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මොහු බෙන්තොට ගාමිණී ජාතික පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දීප්ත්මත් ශිෂ්‍යයෙකු බව සඳහන්.

මොළයට විෂබීජයක් යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව වාර්තා වේ.

Exit mobile version