පැය 15ක ජල කප්පාදුවක් .

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක අනිද්දා (09) දිනයේ ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එම මණ්ඩලය සදහන් කළේ ජාතික අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 9 වැනිදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

මෙලෙස ජලසැපයුම අත්හිටවනු ලබන ප්‍රදේශ පහතින්,

අළුත්ගම
මතුගම
අගලවත්ත
වාද්දුව
වස්කඩුව
පොතුපිටිය
කළුතර උතුර 
කළුතර දකුණ
කටුකුරුන්ද
නාගොඩ
බෙන්තොට
පයාගල
බෝම්බුවල
මග්ගොන
දර්ගානගරය
පිලමිනාවත්ත
කළුවාමෝදර
මොරගල්ල

Exit mobile version