අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු කරන අත්‍යවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) පෙරවරු 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම මණ්ඩලය සදහන් කළේ කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.
