A.30 වෛරස ප්‍රභේදයේ හැසිරිම සහ ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කෙරේ

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වන විට A.30 වෛරස ප්‍රභේදයේ ස්වභාවය සහ හැසිරීම  පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවයි.

මේ වන විට ලැබී ඇති දත්ත විශ්ලේෂනය කිරීමෙන් අනතුරුව එම වෛරස් ප්‍රභේදයේ ස්වභාවය පිළිබඳව නිගමනයකට එලඹීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේ පළමුවෙන් මෙම ප්‍රභේදයේ ඇති අවදානම පිළිබඳව තක්සේරු කළ යුතු බවත් එහි ක්‍රියාකාරිත්වය හා ස්වභාවය ආදිය හොඳින් අධ්‍යයනය කළ යුතු බවත් ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, රට නැවතත් වසනවා ද?නැද්ද යන තීරණය හුදෙක් ජනතාවගේ ක්‍රියාකාරිත්වය මත තීරණය වන්නක් බවත්, ජනතාව වගකීම් සහගත ලෙසින් හැසිරෙන්නේ නම් පමණක් යහපත් තත්ත්වයක් උදාකර ගත හැකි බවත් ය.

Exit mobile version