මාතර , ඌරුගමුව , ඉහළගොඩ කනිටු විදුහලේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහන්සිත නම් සිසුවාගේ දෑස් දිනෙන් දින නොපෙනී යමින් පවතින බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සැක පල කරන්නේ මෙම සිසුවාට වයස අවුරුදු 15ක් සම්පූර්ණ වනවිට දෑස් සම්පූර්ණයෙන්ම නොපෙනී යාමට ඉඩ ඇති බවයි.
දරුවාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයකු හෝ ඉදිරිපත් වී සිය දරුවාගේ දෑස් සුවපත් කරදෙන ලෙසට දරුවාගේ මව්පියන් ඉල්ලා සිටින බව සඳහන්.
