සර්ප විෂින් මාස 6 බිළිඳෙක් ජීවිතක්ෂයට .

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්‍රදේශයේදී අද (24) අලුයම සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිලිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .

ෆාතිමාපුරම් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ හිස් බිමක නිදා සිටි බිලිඳාට එලෙස සර්පයා දෂ්ඨ කර ඇති අතර ඒ බව හදිසි මරණ පරීක්ෂකවරයාගේ පශ්චාත මරණ පරීක්ෂණයේදී ද අනාවරණය වී ඇති බව සදහන් .

වාර්තා වන ආකාරයට අලුයම 3.30ට පමණ මව අසල නිදා සිටි දරුවාට සර්පයෙකු දෂ්ඨ කර ඇති අතර උදෑසන 7ට පමණ දරුවා සිහිසුන්ව සිටිම හේතුවෙන් මව විසින් රෝහල්ගත කර තිබේ. එම අවස්ථාවේ දරුවා මියගොස් ඇතැයි අනාවරණය වී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දී තිබේ .

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 6ක් වූ ඉග්නේෂ් අභිලාෂ් නැමති පිරිමි දරුවෙකි.

Exit mobile version