දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියකදී මාරක ළිදේ පඩිපෙළකින් ඇද වැටී බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මාරක ළිදෙහි හිමිකරුගේ ලොරි රථයේ රියදුරු සිය බිළිදා සමග සංදර්ශනයට පෙර මාරක ළිදේ ආරක්ෂක කටයුතු හා සැරසිලි සිදු කිරීම සදහා පැමිණ සිටියදී එම අනතුර සිදුව ඇති බවට විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.
අවුරුද්දයි මාස 11ක් වූ මෙම දරුවා පියගැට පෙළෙන් ඉහළට නගිමින් සිටියදී ඇද වැටී ඇති බව සදහන්.
බරපතළ තුවාල ලබා අදාළ දරුවා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.
