ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ ලිංගික සංක්‍රාන්තික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසවිවල කාන්තා අංශය නියෝජනය කිරීම තහනම් කර ඇති බවට වාර්තා වේ.
වැඩිවියට පත්වූ කිසිදු ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවකට මාර්තු 31 වනදා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සදහා තරග කිරීමට අවසර ලබා නොදෙන බවට ජාත්‍යන්තර මලල ක්‍රීඩා පාලක මණ්ඩලයේ සභාපති කෝ සාමිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.
