වීරවිල සත්ව ගොවිපොළ භූමියේ ඊයේ (12) පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ තිදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
මෙම පොලිස් කණ්ඩායමට එහි සිටි පිරිසක් අතින් පයින් පහර දී ඇති අතර සිද්ධියෙන් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමත් සමග පොලිස් කණ්ඩායමක් පැමිණ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අතර නාවික හමුදා සෙබළෙකුද සිටි බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
