“ ද බඩී මූන් “ ට මී මැසි ප්‍රහාරයක්.

“ ද බඩී මූන් “ නමින් හඳුන්වන ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය වල ප්‍රකට ලොව පුරා සංචාරයේ යෙදෙන සංචාරක යුවළක් පසුගියදා දිවයිනට පැමිණ තිබූ අතර මෙම යුවළ ආරුක්කු නවය පාලම නැරඹීමට ගොස් සිටියදී මී මැසි ප්‍රහාරක් එල්ල වූ බව වාර්තා වේ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ යුවළ සමඟ පැමිණි ත්‍රී රෝද රථ රියදුරු සහ ප්‍රදේශවාසීන් අනතුරට පත් සංචාරක යුවළ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. මෙයට සංචාරක පොලිසිය ද එම අවස්ථාවේදී සහය වූ බව සඳහන්.

මෙම සංචාරක යුවළ තමන් මුහුණ දුන් අත්දැකීම් සහ මෙරට ආගන්තුක සත්කාරයන් දැඩි ලෙස  ප්‍රශංසාවට ලක් කරමින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබුණි.

Exit mobile version