අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ රථවාහන ධාවනයට බාධා එල්ලවූ බව වාර්තා වේ.
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති සංගම් 9 ක් මෙලෙස නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරතව තිබේ.
මේ හේතුවෙන් ගාලුපාරේ රථවාහන ධාවනයට පැය 2ක පමණ කාලයක් බාධා එල්ලවූ බව සදහන්.
වැටුප් විෂමතාවය, පාසල් නඩත්තු කිරිමේ බර දෙමව්පියන්ගෙන් ඉවත්කිරීම, අයවැයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම සහ අධ්‍යාපනය විකිණීමට විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතව තිබේ.
