ඩොලර් බිලියනයක ව්‍යාජ මුදල් තොගයක් වටලයි.

තුර්කීයේ සිට අප්‍රිකාව වෙත යැවීම සඳහා සූදානම් කර තිබූ ඩොලර් බිලියනයක ව්‍යාජ මුදල් තොගයක් තූර්කි ආරක්ෂක අංශ විසින් සිදු කළ වැටලීමක දී ඉස්තාන්බුල් අගනුවර ගබඩාවක තැන්පත් කර තිබිය දී පුද්ගලයින් හයදෙනෙකු ද සමඟ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය තුර්කීය ඉතිහාසයේ සොයා ගත් විශාලතම ව්‍යාජ මුදල් තොගය බව සඳහන්.

 මෙම සැකකරුවන් අතරේ ස්වීඩන් ජාතිකයින් තිදෙනෙකු සහ ඝානා ජතිකයෙකු සිට ඇති අතර අත්අඩංගුවට ගත් අයගේ දේපළ රාජසන්තක කර ඇති බවත් , විදෙස් ජාතිකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදාළ රටවලට දැනුම් දී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version