ඉහළ අහසේ ගුවන් යානයක ගැටුණු කුරුල්ලෙකු නියමු කුටියට කඩා වැදීම හේතුවෙන් ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්ස වූ පුවතක් ඉක්වදෝරයෙන් වාර්තා වේ.
මෙම සිදුවීමේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර , එහි දැක්වෙන්නේ මුහුණේ ලේ තැවරුණු නියමුවා සන්සුන්ව ගුවන් යානය පදවන ආකාරයයි.
එම නියමුවා විසින්ම අදාළ විඩියෝව පටිගත කර තිබීම විශේෂත්වයක් වන අතර ,එම අවස්ථාවේ යානයේ සිට ඇත්තේ නියමුවා පමණක් බව සදහන්.
කෙසේ වෙතත් නියමුවා විසින් යානය සාර්ථකව ගොඩ බැස්වීමට සමත් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.