ආරක්ෂීත පක්ෂීන් ඇතුළු සතුන් කූඩු වලින් ගෙන රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු සැකකරුවකු සැළළිහිනින් තිදෙනෙකු අලෙවි කිරීමට සුදානම් වන අවස්ථාවේදි අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ කලපු සිමාවේ පදිංචි 25 හැවිරිදි තරුණයකු බවට වනජීවි නිළධාරීහු පවසති.
මධ්‍යම කදුකරයේ සැරිසරන සැළළිහිනි ඇතුළු විවිධ පක්ෂීන් හා වියළි කලාපයේ විවිධ ස්ථාන වල සැරිසරන වන සතුන් වාසස්ථාන වලින් හා කුඩු වලින් රැගෙන ඉන් පසුව අධික මිලකට අලෙවි කිරීමේ ජාවාරමක් මෙසේ සොයා ගත් බවට වනජීවි නිළධාරීහු පවසති.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදි හෙළිව ඇත්තේ මෙසේ අත් අඩංගුවට ගැනුන සැළළිහිනි පැටවුන් නුවර අකුරණ ඇතුළු ප්‍රදේශ වල මෙම පක්ෂීන් වාසය කරන කුඩු වලින් ඉවත් කරමින් එම පක්ෂීන්ගේ ජීවන රටාව සම්පුර්ණයෙන් වෙනස් කරමින් රැගෙන විත් රටපුරා විවිධ ප්‍රදේශ වල පිරිස් වෙත අලෙවි කිරිමේ නිරත ව ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සමාජ මාධ්‍ය තුල මෙම පක්ෂීන්ගේ ජායාරූප ප්‍රදර්ශනය කරමින් අලෙවි කිරීම සිදුකර ඇති බව පවසයි.