සය නිවුන් දරු උපතක්.

මෙරටින් තවත් සය නිවුන් දරු උපතක් කාසල් වීදියේ කාන්තා රෝහලෙන් වාර්තා වී තිබේ.

රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති බවට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ බිළිදුන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි.

Exit mobile version