තිස්සගෙන් ජනපතිට කනේ පහරක් – ලබන වර්ෂය මීටත් වඩා අමාරුයි.

ලබන අවුරුද්දේ රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විදිමට සිදුවෙයි – රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් ටික ජනපතිගේ විදෙස් සංචාරවලට යොදා ගැනීම යුක්ති සහගතද? – තිස්ස අත්තනායක

ගෑස් පෝලිම් , තෙල් පෝලිම් නැති කළාට රටේ ආර්ථික සංවර්ධනයක් සිදුවී නැති බවත් , ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඉතිරිවුණ මුදල් හරහා රටේ ආර්ථිකය සමනය කර තිබෙන බවත් , ලබන අවුරුද්දේ රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විදිමට සිදුවන බව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ජනතාව පීඩාවට පත්කරන කාරණාවලින් ඉවත් වී රටේ ආදායම වැඩිකර ගැනීමට සහ රටේ නිෂ්පාදන වැඩිකිරීමට ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතුව ඇති බවත් තිස්ස අත්තනායක මහතා අවධාරණය කළේය.

විදුලි බිල නැවත වතාවක් වැඩිකළහොත් විදුලිය භාවිතයෙන් ජනතාව ඉවත් වීමේ දැඩි ප්‍රවණතාවයක් තිබෙන බවත් , විදුලි බිල වැඩි කිරීමෙන් රටේ නිෂ්පාදනවලට දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා වසරක් ඇතුළත අවස්ථා 11 කදී විදේශගත වෙලා තිබෙන බවත් , රාජ්‍ය නායකයෙක් මෙතරම් වාර ප්‍රමාණයක් විදේස ගතවූ පළමු අවස්ථාව මෙය වීමට හැකි බවත් , විදෙස් ශ්‍රමිකයන්ගෙන් සහ රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් ටික මේ ආකාරයට සංචාරවලට යොදා ගැනිම යුක්ති සහගතදැයි තිස්ස අත්තනායක මහතා ප්‍රශ්න කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (01) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ පැවැසීය.

‘‘යුනිසෙෆ් සහ ලෝක බැංකු ආහාර වාර්තා වලට අනුව ලංකාවේ මුලු ජනගහනයෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් දරුවන් පෝෂණ තත්ත්වයක නැ කියලා කියනවා. දරුවන් පෝෂණ තත්ත්වයක නැ කියලා කියන්නේ මතු පරපුර බුද්ධියෙන් හින වන පරපුරක් බවට පත් වෙනවා.

කොළඹ මහ නගර සභාව සිදුකළ පරීක්ෂණ වාර්තාවකින් තහවුරු වෙලා තියෙනවා ලංකාවේ නගර අතර ළදරු මන්දපෝෂණය තිබෙන්නේ කොළඹ මහ නගර සභා ප්‍රදේශය. දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවිය යුතු අවස්ථාවක තමයි අපි ඉන්නේ. දරුවන්ගේ මන්දපෝෂණ මෙන්ම ළමා අපචාර සිද්ධීන්ට ඉහළ යාම කණගාටුදායක තත්ත්වයක්.

රටේ තිබෙන ආර්ථික තත්ත්වය සමඟ පවුල් වල ආදායම් තත්ත්වය අඩුවීමත් මේ මන්දපෝෂණ තත්ත්වයට හේතුවෙලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය / සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය ගැන ආණ්ඩුව මීට වඩා සැලකිලිමත්විය යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සතියේ පවත්වලු මාධ්‍ය හමුවේදී. ඔවුන්ගේ නිරීක්ෂණ වාර්තා වල කරුණු ගණනාවක් අනාවරණය කර තිබුණා. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදිලා යම් ආකාරයකට ආර්ථික වශයෙන් රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ඉටු කරන්න ආණ්ඩුව අසමත් වීම ගැන දෙවැනි වාරිකය ගෙවීමේදී ඔවුන් සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන දෙවන වාරිකය ඩොලර් මිලියන 330 ක ණය මුදල පිළිබඳ අවිනිශ්චිත භාවයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවුන කාරණා ඉටු කරන්න අසමත් වීම නිසා මෙම ගැටලුව නිර්මාණය වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ කොන්දේසි වලින් ලංකාව සම්පුර්ණ කරලා තියෙන්නේ සියයට 30 ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්න මාර්ග සිතියම අනුව ලංකාව ක්‍රියා කරලා නැති බවත් ඒ මාර්ග සිතියමට වහාම අවතීර්ණ වන ලෙසත් රාජ්‍ය ආදායම් ඉහළ දැමීමට ගත්ත ක්‍රියාමාර්ග ප්‍රමාණවත් මදි බවත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරන්න ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතියක් නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබෙනවා.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදෙස් රටවල් සමඟ ඇතිකරගත් එකඟතා කඩිනම්න් අවසන් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ. මෙම මූලික කරුණු 3 ඉටුකරන තුරු දෙවන වාරිකය ලබාදීමට නිශ්චිත තීරණයක් ගෙන නැති බව වාර්තා වෙනවා.

රටේ ආර්ථික ප්‍රතිසංවිධාන ප්‍රමාදවෙන්න ජාත්‍යන්තර ලෙස වෙනත් රටවලින් ලැබෙන ණය සහ ආධාරවල ප්‍රමාදයක් ඇති වෙන්න පුලුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ඩොලර් මිලියන 330 න් රට ගොඩදාන්න පුලුවන් කියලා බොහො දෙනා සිතනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පලමු ණය වාරිකය ලබාදෙනවිටත් කිරිබත් කෑවා. අපේ රටේ ණය ප්‍රමාණය තවත් වැඩි වුණ එකට සතුට ප්‍රකාශ කිරීමක් ලෙස තමයි අපි ඒක දකින්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ජනතාව පීඩාවට පත් කරන කාරණාවලින් ඉවත් වෙලා අපි අපේ ආදායම වැඩිකර ගැනීමට සහ ජාතික නිෂ්පාදනය වැඩිකිරීමට ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතුයි.

ජනතාවගෙන් ඉහළ ප්‍රතිශතයකින් රජය බදු අය කරලා ඉවරයි. රාජ්‍ය ආදායම වැඩිකර ගන්න කියලා මහජනතාවගෙන් රජයට තවත් බදු අය කරන්න බෑ. ආණ්ඩුව පාරිභෝගික සේවා මත බදු පනවන්න පුලුවන්. එහෙම සිදුකළොත් ජනතාවගේ ජන ජීවිතය තවත් අසීරු වීමට පුුලුවන්. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ආණ්ඩුව වෙනත් විකල්ප වලට යා යුතුයි. මේ සඳහා ආණ්ඩුව ගමන් කරන බවක් පෙනෙන් නෑ.

ගෑස් පෝලිම් තෙල් පෝලිම් නැති කළ කියලා රටේ ආර්ථික සංවර්ධනයක් සිදුවෙලා නෑ. ණය ගෙවීම තවකාලිකව අත්හිටුවීම නිසා ඉතිරිවුණ මුදල් හරහා රටේ ආර්ථිකය සමනය කර ගන්න හැකිවුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවලා තිබෙනවා ලබන අවුරුද්දේ රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විදිමට සිදුවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා තිබෙනවා.

විදුලි බිල නැවත වතාවක් වැඩි කිරීමේ සුදානමක් තිබෙනවා. සියයට 22 කින් විදුලි බිල වැඩිකරන්න අවසර දෙන්න කියලා ලංවීම ඉල්ලා තිබෙනවා. නැතිනම් සෑම ඒකකයක් රුපියල් 8 කින් වැඩිකරන්න අවසර දෙන්න කියලා. මේ කරුණු දෙකම ඉතාම බරපතලයි.

පසුගිය මාසයේ වැඩිකළ විදුලිබිලත් සාමාන්‍ය ජනතාවට ගෙවාගන්න බැරිව සිටිනවා. රටේ සමස්ත ජනතාව මේ නිසා පීඩාවට පත්ව සිටිනවා. මේ ආකාරයට විදුලි බිල වැඩිකිරීම යුක්ති සහගත නෑ. විදුලි බිල වැඩි කිරීමෙන් විදුලිය භාවිතයෙන් ජනතාව ඉවත් වෙන්න පුලුවන්. විදුලි බිල වැඩි කිරීමට රටේ නිෂ්පාදනවලට බලපාන්න පුලුවන්.
පූජනිය ස්ථාන වල විදුලිබිල වැඩිකරන්න ලංවීම අවසර ඉල්ලා තිබෙනවා.මේ වසර තුළ දෙවතාවක් විදුලි බිල වැඩිකිරීම සාධාරණද? විදුලි බල මණ්ඩලය තුළ ඇතිවෙලා තිබෙන දුෂණය වංචාව නාස්තිය අවම කර ගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.

ඩීසල් / පෙට්ට්‍රල් / ගෑස් මිල වැඩිකරන්න ආණ්ඩුව සැරසෙන බව ආරංචි වෙනවා. මෙවායේ මිල වැඩි කරන්න ලෝක වෙලඳපොලේ මිල ගණන් තාම වැඩිවෙලා නෑ. ආණ්ඩුවේ එකම ක්‍රියාමාර්ගය රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමයි. විදුලි බිල වැඩිකිරීම අපගේ විරෝධය පළ කරනවා.

ජනාධිපතිවරයා වසරක් ඇතුළත අවස්ථා 11 කදී විදේශගත වෙලා තියෙනවා. ඇමෙරිකාව / කියුබාව / ප්‍රංශය / ජනපානය / සිංගප්පූරුව / ඉන්දියාව / පිලිපීනය / එංගලන්තය. මීට අමතරව චීනය වගේම වසර අවසානයේ මැලේසියාවේ බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.

රාජ්‍ය නායකයෙක් මෙතරම් වාර ප්‍රමාණයක් විදේස ගතවූ පළමු අවස්ථාව මෙය වෙන්න පුලුවන්. බංකොලොත්වුණ රටක නායකයෙකුට සහ ඔහු සමග යන දුත පිරිසට විදෙස් සංචාර යන්න සල්ලි කොහෙන්ද?. රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් ටික මේ ආකාරයට සංචාරවලට යොදා ගැනිම යුක්ති සහගතද. ජනාධිපතිවරයා ගිය විදෙස් සංචාර දෙස බැලු වීමට රටට ප්‍රතිලාභ රැසක් අතිවිය යුතුයි. නමුත් එහෙම කිසිම ප්‍රතිලාභයක් නෑ. ලෝකයේ සංවර්ධනය වුණ රටක රාජ්‍ය නායකයෙක්වත් මෙසේ සංචාර වල යෙදිලා නැතව ඇති. මෙයින් නාස්ති වන්නේ රටේ ජනතාවගේ මුදල්.

සංචාරක ව්‍යාපාරය ගැන ආණ්ඩුව පුරසාරම් කියවනවා. සංචාරක ව්‍යපාරයට සමීපතම සේවාව තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය එන්න එන්න බිද වැටෙමින් තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ත්‍රිවීල් පාක් එකක් තරම්වත් ශක්තිමත් නෑ. නිසියාකාරව ගුවන් සේවාවක් ලබාදීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට නොහැකි වෙලා තියෙනවා.

ගුවන් ගමන් අවලංගු කිරීම් ගුවන් ගමන් අවලංගු කිරීම් වාර්තා වනවා. ගුවන් සේවයේ කාර්යක්ෂමතාව බිදවැටිලා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සේවාවක් විදිහට පත්වාගෙන යාමට නොමැකිනම් ඊට විකල්ප සොයා ගන්න ඕන.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 60 ක් විදෙස් ගත වෙලා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් විදෙස් ගතවෙලා. මේක ගුවන් සේවයට දරා ගන්න නොහැකි වෙලා තියෙනවා. වසරක් තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය බිදවැටිමකට ලක්වෙලා තියෙනවා.ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරන්න ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙල කුමක්ද? ශ්‍රී ලංකන් ගුවන් සේවය කාර්යක්ෂම කිරීමට නොහැකි වුනොත් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වෙන්න පුලුවන්.

මහියංගන පෙරහැරට ගෙනාපු සීතා ඇතින්නට වෙඩි තැබීමක් ගැන වාර්තා වුණා. අලි ඇතුන්ගේ ආරක්ෂාවට පැමිණි වන ජීවි දෙපාර්තමේන්තුවට සම්බන්ධ සමාජිකයෙක් තමයි අලියට වෙඩි තියලා තියෙන්නේ. ඇතින්නට වෙඩි 5 ක් වැදිලා තියෙනවා. මහියංගන පෙරහැරට ගෙනාපු සීතා ඇතින්නට වෙඩි තැබීම ගැන වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුයි.වන ජීවි දෙපාර්තමේන්තුව මේ ගැන වගකීම භාර ගත යුතුයි.‘‘

ප්‍රශ්නය – වසරකට කොපමණ ප්‍රමාණයකින් විදුලි බිල වැඩිකීරීම ගැන මහජන උපයෝගිතා කොමිසම නේද නිර්දේශ කරන්න ඕන. ඒක ඉක්මවා යාමක් නේද පෙනෙන්නට තිබෙන්නේ.

පිළිතුර – මහජන උපයෝගිතා කොමිමේ නිර්දේශවලට අනුව විදුලිබිල මාස 6 කට වරක් සංශෝධනය කිරීම සඳහා අවසර තිබෙනවා. ඊට පෙර වැඩිකිරීම ඉල්ලිම් කිරීම වැරදියි.
විදුලි බිල වැඩිකීරීමට කොමිසමට අවසර දෙන්න බෑ. නියමිත දිනය විදුලිබිල එවීම වෙනුවට විදුලි බිල ප්‍රමාද කර එවීම හරහා බිල්පතේ බරපතල විශමාචාරයක් සිදුකරනවා.
දුරකතනයෙන් විදුලි බිල ගණන් දැන්මී නිසාත් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයට පත් වෙලා තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසම මේ මොහොත් විදුලි බිල වැඩිකරන්න අවසර දුන්නොත් ඒක නීතිවිරෝධී තත්ත්වයක්. විදුලිබිල වැඩිකිරීම ජනතාවට ඔරොත්තු දෙන්නේ නෑ. මණ්ඩලයේ පාඩුව මහජනතාව ගෙවන්න ඕන. මණ්ඩයේ පාඩුව ගෙවා ගන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. විදුලි බිල සෑම ක්ශ්‍රේත්‍රයකට බලපාන කාරණයක්

ප්‍රශ්නය – ඉන්ධන මිල වැඩි වෙන්නේ මිල සූත්‍රයට නෙවෙයි කියලා බලශක්ති ඇමැති කියනවා. තෙල් මිල දෛනිකව වෙනස් වෙන්න පුලුවන් කියලත් ඇමැති කියනවා.

පිළිතුර – ලෝක වෙලඳ පොලේ තෙල් මිල ගණන් වල විශාල උච්චා වචනයක් සිදුවුනේ නැ. අපිට ඒක විශාල ලෙස බලපාන්නේ නෑ. අපි තෙල් මිලදී ගන්නේ කලින්. අද තෙල් බැරලය වැඩි වුණා ඒ නිසා තෙල් මිල වැඩිකරන්න ඕන කියලා කියන කතාවෙන් කරන්නේ රටේ ජනතාව සම්පුර්ණයෙන් නොමග යවන වැඩක් කරන්නේ. දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. වැඩිම තෙල් මිල තිබෙන රට බවටත් ශ්‍රී ලංකාව පත් වෙන එක වළවක්වන්න බෑ. තෙල් මිල වැඩි කරන්න හේතුව ලෙස කියන්නේ සංස්ථාවේ පාඩුවෙ පියවගන්න කියලා. ලෝක වෙළඳ පොලෙන් තෙල් ටික අරගෙන බදු නිෂ්පාදන ගාස්තු වරයා ගාස්තු එකතු කරලා තමයි පාරිභෝගිකයාට ලබා දෙන්නේ. එතකොට කොහොමද සංස්ථාව පාඩු ලබන්නේ.

ප්‍රශ්නය – ආණ්ඩුව කියනවා රටේ ආර්ථිකය ඉහළට ඇවිත් කියලා.

පිළීතර- රටේ ආර්ථිකය ඉහළට ඇවිත් කියන කාරණය පිලිගන්න අමාරුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුල ආර්ථික සමීක්ෂණය කරන ආයතන කියනවා ආර්ථිකයේ මුලික ඉලක්ක වලට රට ඇවිත් නැ කියලා. තෙල් පොලිම් ටික ගැස් පෝලිම් ටික නැති කරපු නිසා ආණ්ඩුව කියනවා රටේ ආර්ථිකය ප්‍රකෘර්තිමත් වෙලා කියලා. රටේ ආර්ථිකය ප්‍රකෘර්තිමත් කරන්න රාජ්‍ය ආදායම් වැඩි කළයුතුයි. දැන් රාජ්‍ය ආදායම් වැඩි කරලා තියෙන්නේ රටේ ජනතාව පිට අධික බදු ගහලා.

ප්‍රශ්නය — ලබන වසරේ මැතිවරණයක් තියන්න අයවැයෙන් බිලියන 5 ක් වෙන් කරලා තියෙනවා කියලා ආරංචි වෙනවා.

පිළිතුර – ලබන වසර මැතිවරණ වර්ශයක්. ජනධිපතිවරණය අනිවාර්යෙන් තියන්න ඕන. ජනාධිපතිවරණයට තව අවුරුද්දයි තියෙන්නේ. ලබන වසරේ ඕනෑම මොහොතක මහ මැතිවරණයක් පවත්වන්න පුලුවන්. ඒක ජනාධිපතිගේ අභිමතය පරිදි සිදුවන දෙයක්. මැතිවරණ 2 ක් අත්හිවලා තියෙනවා. ඒක ව්‍යවස්ථා විරෝධි කටයුත්තක්. සියලු මැතිවරණ සියල්ල තියන්න ඕන. දැන් තියෙන්නේ විකෘර්ති ජන මතයක්. ජනාධිපතිවරණය කල් දැම්මොත් රටට රාජ්‍ය නායකයෙක් නැති වෙනවා. පවත්වන ඕනැම මැතිවරණයකට මුහුණ දෙන්න සමගි ජනබලවේගය සූදානම්. සජිත් ප්‍රේමදාමගේ නායකත්වයෙන් යුතුව ඕනෑම මැතිවරණ අභියෝගයක් භාර ගන්න සූදානම්.

Exit mobile version