මුලතිව් නන්දිකඩාල් කලපුවේ බෝට්ටු තරගයක් ඊයේ (10) දින සංවිධානය කර තිබූ බවට වාර්තා වේ.
දෙමළ ජාතික සංවිධානයේ හිටපු වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. සිවමෝහන් විසින් ප්‍රථම වතාවට මෙවැනි තරගයක් සංවිධානය කළ අතර මෙම තරගයෙන් ජය්‍රහණය කළ අයට ලක්ෂ ගණනින් මුදල් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
ඒ අනුව තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත් පුද්ගලයාට රුපියල් ලක්ෂයක්ද,දෙවැන්නාට රුපියල් පනස්දහසක්ද,තුන්වැනියාට රුපියල් විසි දහසක්ද ප්‍රදානය කර තිබේ.
