කන්කසන්තුරෙයි සිට තමිල්නාඩුව දක්වා බෝට්ටු සේවයක්.

ඉන්දියාවේ තමිල්නාඩු, නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මඟී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

තමිල්නාඩු අමාත්‍යවරයකු වන ඊ.වී වේලු මහතා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේ දී ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ පසුගිය ඉන්දීය සංචාරය අතරතුර දී මෙම වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡා පවත්වන ලදි.

ඉන්දීය නැව් සමාගම මෙම ක්‍රියාවලිය සඳහා සහාය පළ කර ඇති අතර, 150 දෙනෙකුට ගමන් කළ හැකි අධිවේගී මඟී ප්‍රවාහන බෝට්ටුවක් ලබා දීමට එම සමාගම සිය එකඟතාව පළ කර ඇත.

නාගපට්ටිනම් සිට කන්කසන්තුරෙයි දක්වා නාවික සැතපුම් 06ක පමණ දුර සඳහා පැය 03ත් 04ත් අතර කාලයක් ගත වනු ඇති බව ද සඳහන්.

Exit mobile version