අද (27) පස්වරුවේ අවුරුදු දෙකහමාරක පමණ කුඩා බිළිඳියකගේ මළ සිරුරක් කළුතර උතුරු වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයා ගෙන තිබෙන බව වාර්තා වේ .
කළුතර උතුරු වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු විසින් මෙම බිළිඳියගේ මළ සිරුර පාවෙමින් තිබෙන බව දැක තිබේ. එහිදී එම මළ සිරුර ටෙඩි බෙයාර් කෙනෙකු හෝ වෙනත් විශාල බෝනික්කෙක් යැයි සිතා ගොඩගෙන නොමැත. අනතුරුව අදාළ මළ සිරුර කළුතර උතුරු නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට ගොඩ ගසා තිබූ බව සඳහන් වේ.
බිළිඳියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත දේහය පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ .