යාපනයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක්.

යාපනය – ගාන්ධර්මඩම් ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ජීවත් වූ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බව වාර්තා වේ.

බෝම්බ ප්‍රහාරයෙන් නිවසට සහ භාණ්ඩ වලට සුළු හානි සිදුව ඇති බව සඳහන්.

අදාළ නිවසේ ජීවත් වූ එක් වෛද්‍යවරයෙකු සහ යාපනයේ පදිංචිකරුවන් පිරිසක් අතර කාලයක පටන් පවතින ඉඩම් ආරවුලක් හේතුවෙන් වෛද්‍යවරයා බිය ගන්වන්නට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙන බවත් , පෙට්‍රල් සහ වෙනත් ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් යාපනයේදීම මෙම බෝම්බ නිෂ්පාදනය කර ඇති බවත් යාපනය පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.

Exit mobile version