වෙළඳ සැලක් ඉදිරිපිට කාර් රථය නැවැත්වූ හේතුවට උරණ වූ ව්‍යාපාරිකයකුගේ පහරකෑමට ලක් වූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මහව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බව සදහන්.
පොලිස් සැරයන්වරයා සිය දියණිය උපකාරක පන්තියට ඇරලවීම සඳහා සිය පෞද්ගලික කාර් රථයෙන් නිකවැරටිය නගරයට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.
මෙම ගැටුමෙන් තමාටද තුවාල වූ සිදුවූ බව පවසා ව්‍යාපාරිකයා ද රෝහල් ගත වී ඇති බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ .














































