අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර වචන හුවමාරුවක් දුරදිග යාමෙන් එක් වෛද්‍යවරයෙකු විසින් අනෙක් වෛද්‍යවරයාට පහරදීමක් සිදු කර ඇති බව සදහන්.
එහිදී තුවාල ලැබූ වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
