සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි – 4ක් කොටුවේ.

රත්මලාන ප්‍රදේශයේදී සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ,ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා සේවයේ යෙදීමට රැදී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වූ වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරියන් අවුරුදු 36 හා 42 වයස්වල පසුවන වත්තල හා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියන් බව සදහන්.

සැකකරු හා සැකකාරියන් අද (11) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version