තලවතුගොඩ ,කලල්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තලංගම පොලිසිය විසින් වටලා ඇති බව වාර්තා වේ.
සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස කලක සිට මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
මෙහිදී අදාළ ගණිකා නිවාසයේ රැදී සිටි කාන්තාවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාන්තාවන් අද (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
