ස්පා මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියන් සහ කළමනාකරණයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 18ත් 42ත් අතර වයස්වල පසුවන පිළියන්දල ,කෙසෙල්වත්ත ,මිද්දෙණිය ,කුරුණෑගල ,රත්මලාන හා බුත්තල ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

මෙම කාන්තාවන් අද (24) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version