කුලියට ගත් නිවාසයක නවාතැන් ලබා දීමේ මධ්‍යස්ථානයක් බව පවසමින් යාපනය , චුණ්ඩික්කුලි ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් මත එම ගණිකා නිවාසය වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ (29) දින අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එමෙන්ම මීට මාස දෙකකට පමණ පෙර දී කොළඹ සිට කාන්තාවන් දස දෙනෙකු පමණ මෙම ගණිකා නිවාසයට පැමිණ ඇති අතර යාපනයට පැමිණෙන පුද්ගලයන්ට ගණිකා සේවය ලබා දුන් බවට යාපනය පොලිසියට පැමිණිලි ලැබී ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කොළඹ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අය වන තර අනෙක් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මොවුන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර යාපනය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.
