අරලියගහ මන්දිරය අසල ගණිකා නිවාසයක් වටලලා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වීසින් නිකුත් කළ සෝදිසි වරෙන්තුවකට අනුව කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට මීටර් 75ක් පමණ දුරින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් කොල්ලුපිටිය පොලිසිය විසින් වටලා කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත්  බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගණිකා නිවාසයේ පාලිකාවන් දෙදෙනෙක් සහ තවත් තරුණියක් බව සඳහන් වේ.

මොවුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සැකකාරියන්  හට ඇප ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ප්‍රකාශ කළ ද සැකකාරියන් දෙදෙනෙකුට එරෙහිව පැවති පෙර වැරදි හේතුවෙන් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් , පෙර වැරදි නොතිබීම හේතුවෙන් එක් සැකකාරියක් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරි බවත් වාර්තා වේ.

Exit mobile version