SPA මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.

ඊයේ (09) දින රාත්‍රී කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවාසය කලමනාකරණය කිරීම හා එයට සහය දැක්වීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 32 හා 35 වයස්වල පසුවන ත්‍රිකුණාමලය හා දෙනියාය ප්‍රදේශ වල පදිංචිකාරියන් වේ.

සැකකාරියන් අද (10) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version