ව්‍යාජ වීසා දුන්නු සජබෙ මන්ත්‍රීගේ සොයුරෙකු අත්අඩංගුවට.

මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශයට ලද පැමිණිලි තුනකට අනුව ඩුබායිහි රැකියා ලබා දෙන බව පවසමින් , ව්‍යාජ වීසා බලපත්‍ර සකසමින් , ලක්ෂ ගණනක් මුදල් වංචා කළ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.එච්.ඒ.හලීම්ගේ බාල සොහොයුරෙකු පසුගිය 17 වනදා මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම සැකකරු විසින් ලබා දී තිබූ විදේශ ගමන් බලපත්‍ර පොලිසිය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්‍යාලයට යොමු කිරීමෙන් අනතුරුව ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර බව අනාවරණය වී තිබේ.

සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකි.

මොහු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වේ.

Exit mobile version