අමානුෂික ඝාතනයක්.

ගම්පහ- මාකෙවිට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කපා කොටා අමානුෂික ලෙස කාන්තාවක් ඝාතන කර ඇති බව වාර්තාවේ.

කාලයක් සිට පැවත එන ඉඩම් ප්‍රස්නයක් දුර දිග යාම මත මෙම ඝාතනය සිදුව ඇති බවත් එම කාන්තාව නිවස තුළ  සිටියදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති අතර බරපතල තත්වයේ පසු වූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ  මාකෙවිට ප්‍රදේශයේ පදිචි  57 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සදහන් කරයි.

මෙම කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට  45 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි අයෙක් පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version