ඉන්දියාවේ බංකේ බිහාර් කෝවිලක් අසලදී ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, එම බැතිමතුන් පිරිස මතට ගොඩනැගිල්ලේ බැල්කනියක් පළමුව කඩා වැටී ඇති අතර තුවාලකරුවන් මුදාගනිමින් සිටියදී එහි බිත්තියක්ද කඩාවැටී ඇති බවයි.
මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු ද වන බව වාර්තා වේ.
ප්‍රාන්ත මහ ඇමති ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 4ක වන්දි මුදලක් ලබා දෙන බවයි.
