බස් රථ අනතුරක් ජීවිත 25 ක් බිලි ගනීයි.

ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදු වූ බස් රථ අනතුරකින් කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  රියදුරු ඇතුළු අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යාවත්මහල් සිට පූනේ දක්වා ධාවනය වූ මෙම බස් රථය බල්දානා ප්‍රදේශයේ දී ටයරයක් පුපුරා ගොස් ආරක්ෂක බැම්මක ගැටී ගිනිගෙන ඇති බව සඳහන් වේ.

Exit mobile version