අධ්‍යාපනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් – ජනපති

වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

මාතර රාහුල විද්‍යාලයේ අද (25) පැවති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක්ද ඊයේ (24) දිනයේ පත් කළ බවයි.

Exit mobile version