ජල ගාස්තු සංශෝදනය සකස් කිරීමේදී මෙහෙයුම් පිරිවැය පමණක් පියවා ගැනීම සහ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ණය සේවාකරණය පියවා ගැනීම යන ක්‍රමවේද සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු සංශෝදනයට අවසර ඉල්ලා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
නමුත් ඊට අනුමැතිය හිමි වී නොමැති අතර එය සම්බන්ධයෙන් සලකා බැලීම පසුවට කල් දමා ඇති බව සදහන් වේ.
එමෙන්ම මෙම සංශෝදනයේ දී සමෘ ද්ධිලාභීන් , සමෘ ද්ධි නොවන කුළී වැඩ කරන්නන් සහ වතු කම්කරුවන්ට ගාස්තු ඉහළ නැංවීම සදහා යෝජනා කර නොමැති බවත් , ගෘ හස්ථ සහ මලඅපවහන යන අංශ දෙකෙහි සංශෝදනයක් සිදු කිරීමට යෝජනා කර ඇති බවත් සදහන් වේ.
තවද මෙම කැබිනට් පත්‍රිකාව මගින් ගෘහස්ථව අඩු ජල ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයින් හට ඒකකයක පිරිවැයෙන් 20% ක සහනාධාරයක් ලබා දීමටත් , එවැනි පාරිභෝගිකයන්ගේ මාසික බිල්පත රුපියල් දහසකට වඩා අඩු කිරීමටත් යෝජනා වී තිබේ.
මෙම ගාස්තු ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් බිලියන 7 ක මාසික ආදායමක් ලබා ගැනීමට හැකි බවත් , විදුලි සංශෝදනය සමගින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සිදු වූ බවත් වාර්තා වේ.
