වික්ටෝරියා රක්ෂිතයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්.

මහනුවර හඟුරන්කෙත ප්‍රධාන මාර්ගයේ 16 කණුව අසල වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් තලාතුඔය පොලිසිය විසින් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස සොයාගෙන තිබෙන්නේ 40 mm බෝම්බ විදිනයක් ආධාරයෙන් පිපිරවීමට යොදා ගන්නා බෝම්බයක් , LMG වර්ගයේ උණ්ඩ 9 ක් , 50 mm වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩයක් සහ ජීව අත්බෝම්බ 3 කි.

වාර්තා වන ආකාරයට කලකට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ස්ථානයට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙන විත් දමා ඇති බවට කරුණු හෙළි වී තිබේ .

අඹකොටේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කැඳවා මෙම පුහුණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ .

Exit mobile version