විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අතර එහිදී ඉදිරි ජනාධිපතිවර්ණය සඳහා සමගි බලවේගයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව වාර්තා වේ.
අදාළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවත් , එම සන්ධානය ගොඩනැගීමට පක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා වෙත සම්පූර්ණ බලය පැවරීමටත් , ජන පීඩක ආණ්ඩුව සමඟ එක් නොවිය යුතු බවටත් , තනතුරු ලබා නොගත යුතු බවටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කළ බව සඳහන්.
