සුඩානයේ සටන් විරාමයක්.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්  පවසා ඇත්තේ සුඩානයේ කැරලි කරුවන් හා හමුදාව අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට ඇතිබවයි.

 වාර්තාවන වන ආකාරයට ඒ පැය 72 ක කාලයක් සදහා පමණක් වන බවයි පැවසෙන්නේ.

එම කාලයද ලබාදී ඇත්තේ සටන් පවතින ප්‍රදේශ වල සිටින ජනතාවට එම ප්‍රදේශ වලින් ඉවත්වීමට බවයි වාර්තාවන්නේ.

කැරලිකරුවන් හා හමුදාව අතර සටන් හේතුවෙන් එරට ජනතාව , ගතවූ දින දහයක පමණ කාලයතුල සැලකියයුතු පිරිසක් රට අතහැර ගොස් ඇති බවත් 400 කට පමණ අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තාවේ.

චායාරූප අන්තර් ජාලයෙනි.

Exit mobile version