මුදල් රාජ්‍ය ඇමතිගෙන් විපක්ෂයට අභියෝගයක්.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයක හෝ කණ්ඩායමකම මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු කමිටුවක සභාපතීත්ව හෝ සාමාජිකත්වය දැරීමේ අයිතියක් ඇති බැවින් රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇත්නම් විපක්ෂය එය පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදනය හරහාම පෙන්වා දිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අද නුවර දී පැවති පුවත්පත් සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම කමිටුවේ ඇති නුසුදුසුකම අවම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 112 දෙනෙකුගේ විරුද්ධත්වයෙන් තහවුරු කළ යුතු බවය.

රාජ්‍ය ඇමති සියඹලාපිටිය කීවේ පසුගිය කාලයේදී චෝදනා කිරීමෙන් ඔබ්බට ගොස් විපක්ෂයට රට වෙනුවෙන් ක්‍රියා කළ අවස්ථාවක් නොමැති බවය. විපක්ෂය පුළුල් ලෙස කල්පනා කළේ නම් අර්බුදයට පත් වී ඇති මේ රටේ අද තිබිය යුත්තේ ජාතික ආණ්ඩුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

( ලංකා සර )

Exit mobile version