නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට එමගින් පියවර ගන්නා බව සදහන්.
නවීන වැඩ ලෝකයට ගැළපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සදහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) පස්වරුවේ ඉදිරිපත් කර තිබේ.
