2016 වර්ෂයේ පෙබරවාරි 28 වන දින රාජගිරිය ප්‍රදේශයේ සිඳු වූ රිය අනතුරක් වළක්වා නොගැනීම ,අනතුරින් තරුණයෙකු බරපතළ තුවාල ලැබීම , සාක්ෂි සැඟවීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවකට ඇප නියම කළ අවස්ථාවේ ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහාධිකරණය නියම කර තිබුණි.
නමුත් තම සේවාදායකයාට සිය දියණිය දැක බලා ගැනීම සඳහා කැනඩාවට යාමට අවශ්‍යව තිබෙන බවත් , ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කරන ලෙසත් අද (12) පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළ බව වාර්තා වේ.
ඒ අනුව එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මැයි 13 වනදා සිට සැප්තැම්බර් 23 වන දා දක්වා පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කළ බව සඳහන්.
