මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බවට වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනු ලබයි.
ඒ අනුව අද (03) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 153,000 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ අඟහරුවාදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,800ක් ලෙසය.
මේ අතර පසුගිය අඟහරුවාදා රු. 169,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 165,500ක් දක්වා පහත වැටී ඇති බවට කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
