රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මරුට.

බස් රථ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකි.

පසුගිය ජුනි මස 6 වැනිදා කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම නගරයේ දී මෙම අනතුර සිදුවී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(23) දිනයේ මියගොස් ඇති බවට පොලිසිය පවසයි .

අනතුර සිදුකළ බස්රථ රියදුරු කොස්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබන බව සදහන්.

Exit mobile version