ජලභීතිකා රෝගයෙන් දරුවෙකු ජීවිතක්ෂයට.

රත්නපුර , දෙල්ගමුව , කුරුවිට ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ සුනඛ පැටවා සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වූ 11 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

මෙම සුනඛ පැටවා දරුවාව සපා කා තිබූ අතර ඒ සම්බන්ධයෙන් මවුපියන් නොදැන සිට ඇත. දරුවා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළීම නිසා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධියෙන් අනතුරුව එම ප්‍රදේශයේ සැරිසරන සුනඛයන් හට ජලභීහිකා මර්දන එන්නත ලබා දීමට පශු වෛද්‍ය නිලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Exit mobile version