ළිඳකට වැටී කුඩා දරුවෙකු මරුට.

ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ ළිඳකට වැටී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ වයස අවරුදු 09ක පිරිමි දරුවෙකි.

පොලීසිය පවසන්නේ වෙනත් ප්‍රදේශයක සිට මෙම දරුවා සහ එම පවුල අදාළ නිවසේ කුලී පදනම මත අද(1) පදිංචියට පැමිණ ඇති බවයි.

නිවසේ සිටි වැඩිහිටියන් ගෙදර වැඩකටයුතු කරමින් සිටි අතරවාරයේ මෙම දරුවා එම නිවස පිහිටි ඉඩමේ තිබූ කුඩා ළිඳට වැටී ඇති බවට පොලීසිය සැකපළ කරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
 

Exit mobile version