චන්ද්‍රිකා වැවට දරුවෙක් බිලි.

ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසල දියනාමින් සිටි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තා වේ .

එම දරුවා සිය මව සහ තවත් දෙදෙනෙකු සමග එම ස්ථානයේ දියනාමින් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති අතර එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් දරුවාව ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළු කර ඇති නමුත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ .

එම දරුවා කණාමැදිආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

Exit mobile version