ගම්පොළ ,බෝතලාපිටිය ප්‍රදේශයේදී මහවැලි ගගේ දියනෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති බවට වාර්තා වේ.
ඊයේ (29) දහවල් කාලයේ දරුවා දිය නාමින් සිටියදී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සදහන්.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ,කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
