වෛද්‍යවරුන් නොමැති ළමා වාට්ටුවක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 63 ළමා වාට්ටුව විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකමින් වසා දමා තිබෙන බවට වාර්තා වේ.

මෙම ළමා වාට්ටුව කළමනාකරණය කරනු ලැබුවේ අනුරාධපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය මගින් වන අතර විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය මත මෙම වාට්ටුව පවත්වාගෙන ගිය නමුත් ඉන් දෙදෙනෙකු විදේශ ගත වී ඇති අතර අනෙක් වෛද්‍යවරයා අධ්‍යාපන කටයුතු සදහා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

අලුතින් විශේෂඥ වෛද්‍යවරුන් වාට්ටුවට අනුයුක්ත කිරීමටද නොහැකි තත්වයක් මත රෝහල් පාලනාධිකාරිය දින කිහිපයකට පෙර සිදු කර තිබෙන්නේ ශික්ෂණ රෝහලේ ඇති අනෙක් ළමා වාට්ටු දෙකට 63 වාට්ටුවේ සිටි රෝගින් ඇතුළත් කිරීමයි.එම නිසා වාට්ටු දෙක තුල තදබදයක් පවති.

Exit mobile version