නීති විරෝධී ලෙස දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි හයදාස් හාරසියයක් මෙම චීන ජාතිකයා විසින් ප්‍රවාහනය කරමින් සිටි බවට කොල්ලුපිටිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට කොල්ලුපිටිය පොලිසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.